ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Monday, December 26, 2011

private campus යන,ඒවාට යන්න බලන් ඉන්න,ඒවා ඕනමයි කියන සියලු දෙනා වෙතයි........!!

උඹලා ගොඩක් එවුන් රජයේ කැම්පස් යන එවුන් ගැන ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන ඉන්නෙ කියලා 


තේරුන හින්දා මේක දාන්න හිතුවෙ...........

ඇත්තටම මචෝ අපිට කිසිම ඉරිසියාවක් නෑ උඹලත් ඩිග්‍රියක් අරන් හොඳ job එකක් කරලා ලස්සන ජීවිතයක් ගත කරනවට...
ඒ වගේම අපිට කිසිම බයකුත් නෑ උඹල එව්වට ගිහින් ඩිග්‍රිය අරන් ඇවිත් අපෙ JOB එකට කෙළවයි කියලත්..
මචෝ අපිට උඹලා ගැන තියෙන්නෙ දුකක්,ඇයි දන්නවද...???
අපි මෙහෙ නොමිලේ ඉගෙනගද්දි උඹලා වගේ තවත් පිරිසක් campus එන්න ලකුනු මදි උන හින්දා,තියෙන සේසතම විකුණලා,හතර අතේ ණය වෙලා(සමහරු ) බොහෝම දුක සේ private campus වල ඉගෙනගන්නවා.......
අපිට උඹලා දකිද්දි දුකයි බං.රජයේ එව්වගෙ පහසුකම් වැඩි කරලා තව ගොඩක් අය කැම්පස් ගන්න කියලා අපි පාරට බැහැලා කෑගහුවට මොකෙක්වත් අහන්නෙ නැනෙ බං...........
ඒත් අපිට උඹලා සහ තාම ඉගෙනගන්න නංගිලා,මල්ලිලා වෙනුවෙන් කරන්න පුලුවං උපරිම දේත් එච්චරයි මචෝ...අපිටත් තුවක්කු,බෝම්බ
තිබ්බනම් බලධාරියො බය කරලා(උඹලා වෙනුවෙන්) තව කැම්පස් 1ක් හදවලාවත් උඹලවත් දාගන්න තිබ්බා...අපි කවමදාවත් අපෙ සුඛ විහරණය පතා පාරට බැස්සෙ නෑ.අපි කවදාවත් hostel එකේ hot water shower හයි කරන්න කිව්වෙ නෑ,lecture room එකේ පුටු cushion කරලා දෙන්න කිව්වෙ නෑ,කැන්ටිම AC කරන්න කිව්වෙ නෑ,CRT monitor වෙනුවට LCD monitor ඕන කිව්වෙ නෑ

අපි ඉල්ලුවෙ මහපොළ අඩු කරන්න එපා කියලා,කැන්ටිමේ කෑම එකේ ගාන වැඩිකරන්න එපා කියලා,තව hostel,lecure rooms 
හදලා වැඩිපුර අය ගන්න කියලා....අපි උඹලා වෙනුවෙන් කෑගහද්දි තව privte campus යන එකෙක් කියනවා,
"කැම්පස් ගියානම් පාඩුවෙ ඉගෙනගනින් ඩෝ..... !"
කියලා,,මෙව්වා ඇහෙද්දි සිරාවටම මාර දුකයි බං... තව එකෙක් කියනවා... 
"සල්ලි නැති අයට රජයේ campus තියෙනවනෙ,ඇයි සල්ලි තියෙන එකෙකුටවත් private ඉගෙන ගන්නබැරි .."කියලා...
මචෝ,private campus දැම්මා වගේම තමයි ඊලඟට මුන් ඇහැ ගහගෙන ඉන්නෙ රජයේ කැම්පස් ටිකත් private කරන්න..උඹලට සහතික වෙන්න පුලුවන්ද එහෙම නොවෙයි කියලා ...අනිවා රජයේ කැම්පස් ටිකත් private කරනවා .මොනවද ඔට්ටු...? මං මගේ ඩිග්‍රිය ඔට්ටු අල්ලනවා...මොකෝ කියන්නෙ..?

අන්න එතකොට තමා අපි අර කිව්ව විදියට දුප්පතාට කැම්පස් එන්න වෙන්නෙ නැත්තෙ..
තේරුම් ගනින් බං private campus ඇයි දාන්නෙ කියලා... උඹලටවත්,රටටවත් ආදරෙ හින්දා නෙමෙයි මචෝ......


උඹලත් අපිත් එක්ක එකතු වෙන්න ඕන තව රජයේ කැම්පස් දාලා රටේ උගතුන්,බුද්ධිමතුන් වැඩිකරන්න....
________________________________________________________________________
දුප්පතුන් වුන රටේ ඉන්න බහුතරයක් හරියට බඩට නොකා,පාන් බාගෙන්, පරිප්පු 250න්,.... ගෙවන tax වලින් තමා අපි මේ ඉගෙනගන්නෙ.
කවදහරි දවසක එහෙම මිනිහෙක්ගෙ ලමයෙකුටත් නොමිලේ ඩිග්‍රියක් ගන්න තියෙන අවස්ථාව 
අපි හදලා දීල මෙතනින් යන්න ඕන..ඒක අපෙ යුතුකමකට වඩා වගකීමක්...
________________________________________________________________________
ඒ වගේම තමා මං මේ පාලකයන්ට කියලා බැන්නෙ මහින්ද මාමට එහෙම නෙවෙයි හරිද.ඔතෙන්ට රනිල් මාම ආවත්,සෝමවංස මාම ආවත් ඔය 
ටිකම තමයි බං.. මේ රට දැන්වත් ඉගෙනගත්ත මිනිස්සු පාලනය කරන්න ඕන.ඇමති මණ්ඩලේ ඉන්න එවුන්ගෙන් 8 වත් පාස් කීයෙන් කීදෙනාද
දන්නෙ නෑ.
මොන පක්ෂෙ ආවත් ඔය ටිකමයි..

No comments:

Post a Comment