ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Monday, December 26, 2011

කාබන් කොපියට ලැබුණු Comment වලින් උපුටා ගන්නා ලදී 1....


Dushmantharupasinghe said...
අධ්‍යාපනය මුදලට විකිනීම හරිද, වැරදිද?
පැනයට පිළිතුරු ලැබෙන්න්නේ එය ක්‍රියාවට යොදවන ආකාරය අනුවයි. සියල්ලක්ම මුදලට යට වන සමාජයක අධ්‍යාපනයද මුදලට යට වීම තුන් වන ලෝකයේ රටක් වන අප රට තුල සාධාරණ භූමිකාවක් නිරූපණය කරාවිද? අප රටේ සරසවි තුල මතුව ඇති පැන උදෙසා විසඳුම් නොසොයා, ඒවා පසෙක ලා මුදලට අධ්‍යපනය විකිනීමට පිඹුරු පත් සැකසීම කාලෝචිත බව ඔබට සිතෙයිද? දහසකුත් එකක් අර්බුද දෑසට පෙනි පෙනී විසන්ඳුම් නොදෙන පාලකයින් මුදලට අධ්‍යාපනය විකිනූ පසුව එවාට විසඳුම් ලබා දේ යැයි ඔබට සිතේයි නම් එය විහිළුවකි. ඔබම පෙන්වා දෙන පරිදි ඉගැන්වීමේ නිසි ක්‍රම වේදයක් නැති, යල් පැන ගිය විෂය නිර්දේෂ සහිත පද්ධතියකට පිළියම එම ප්‍රශ්න වලින් තොර වූ පද්ධතියක් අළුතෙන් ආදේශ කිරීමද? තිබෙන පද්ධතියේ අඩු පාඩු සැකසීමද? රටක මුදල් ඉතිරි වනුයේ මේ කුමන විසඳුමක් ක්‍රියාත්මක කල විටද? පෞද්ගලික විශ්ව විද්‍යාල වල ගෙවන වැඩි පඩිය කරා ඇදෙන සරසවි ඇදුරන් රාජ්‍ය විශ්ව විද්‍යාල තුල රඳවා ගත හැක්කේ කුමක් කිරීමෙන්ද? එවිට ගුණාත්මක භාවයෙන් පිරිහෙන රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන නගා සිටු වීමට පැහැදිලි, විනිවිද පෙනෙන වැඩ පිළිවෙලක් පාලකයන් සතුද? වර්ථමානයේ උද්ගත වී ඇති ගැටළු නොවිසඳන පාලකයන්ගේ අනාගත ක්‍රියා කලාපය ගැන නම් කවර කතාද?

මෙහි ලා විශේෂයෙන් සඳහන් කල යුතු කාරණය නම් වසර තුනකට රුපියල් මිලියන 1.6+1.0 = 2.6ක් අධ්‍යාපන හා අනෙකුත් වියදම් සඳහා වියදම් කරන මධ්‍යම පාන්තික පැලැන්තියයි. එය වසරකට ගෙන බැලූ විට රුපියල් 866,666.67කි, මසකට රුපියල් 72,222.23කි. අප රටේ මධ්‍යම පාන්තික පවුලකට එක් දරුවකුගේ අධ්‍යාපනයට මසකට රුපියල් 72000ක් වියදම් දැරිය හැකිද? නිර්වචනයෙන්ම ඔබට වැරදී ඇත. යථාර්තය එයයි. මේ රටේ මධ්‍යම පාන්තික හා අඩු ආදායම් ලාභී පවුල් වල පසුබිමවත් ඔබට දැනී නැති සෙයකි. නමුත් අප එය අත් දැකීමේන් විඳ ඇත්තෙමු. අප සමඟ එකට අධ්‍යාපනය ලබන, කන බොන, ජීවත් වන ඔවුන් ගේ දුක් ගැහැට අපට නිබඳවම හුරු පුරුදුය. ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය පවා කප්පාදු කරන ක්‍රම වේදය මිස වෙන යම් කාරණයක් නොවේ. ඔවුන් දෙපයින් නැගී සිටිනවාට ඔබද අක්මැත්තක් නැතිවාට සැකයක් නැත. එමෙන්ම මුදල් බලයෙන් ඔවුනගේ අනාගතය අඳුරු කර දැමීමේ ක්‍රමවේදයකට ඔබද හවුල් කරුවෙකු වීමට අකමැති බවද සැක නැත. එසේ වුවහොත් පහර වදින්නේ ඔවුනට පමනක් නොව මුළු රටටම එය මහත් සේ බලපානු ඇත.

මුදලින් හෝ වේවා නිදහස් අධ්‍යාපනයෙන් හෝ වේවා යමෙකුගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය කප්පාදු කල නොහැක, නමුත් සුවහසක් වූ අසරණ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය කොමිස් කුට්ටියට යට වී බිල්ලට දීමටද කිසිවෙකුට අයිතියක් නැත. සෑම පර්ශවයකටම සාධාරණයක් වන විසඳුමකට විරෝධතාවයක් නැගීමටද කිසිම හේතුවක් නැත. කල යුත්තේ රෝගය මතු පිටින් විනිශ්චය කිරීම නොව, රෝග මූලයට විසඳුම් කිරීමයි. පවතින විශ්ව විද්‍යාල තුල අඩු පාඩු සකසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුවාට කම් නැත. එවිට රාජ්‍ය විශ්ව විද්‍යාල හා පෞද්ගලික යන අංශ ද්විත්වය අතරේ වන තරඟයෙන්ද මෙරට උසස් අධ්‍යාපන උසස් තලයකට ලං වනු ඇත. නමුත් පවතින වාතාවරණය තුල ඉදි කිරීමට යන පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වැසී යන තත්වක් ඇති වීමයි. එසේ වීමට යන අධ්‍යාපන අයිතිය කප්පාදුවට එරෙහි වීම සාධාරණ තර්කයකි. සිතන්න අප රටට අවශ්‍ය වන්නේ සෑම පාර්ශවයකටම සධාරණ විසඳුම්ක් මිස මුදලට යට වූ විසඳුමක් නොවේ. මන්ද නුදුරු අනාගතයේදී රටේ අනාගතයේ නියමුවන් වන්නේ එකෙකු නොව අප සැවොම බැවිනි.

No comments:

Post a Comment