ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

මේ කාබන් කොපිය ගැනයි



අපි සරසවි සිසුන් වෙමු.වර්තමාන මාධ්‍ය භාවිතාව තුළින් ඔබට පෙන්වන පරිදි නම් විකෘති සරසවි සිසුන් වෙමු.අප කරන කියන කිසිඳු යහපත් කර්තව්‍යයකටම ලබා නොදෙන මාධ්‍ය ආවරණයක් එක් කලහකාරී හැසිරීමක් වෙනුවෙන් මහා ඉහළින් ලබා දෙන මාධ්‍ය ප්‍රධානීන්ගෙන් යුත් රටක සරසවි සිසුන් වෙමු.  


ආදරණීය ශ්‍රී ලාංකිකයිනි,
    බොහෝ දෙනා අපව පක්ෂ පාට වලින් හංවඩු ගසද්දී අප කළ සමාජ මෙහෙවරයන් නිහඬවම ඉදිරියට කරගෙන ගියෙමු.සරසවි සිසුවෙකුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නා ඕනෑම කෙනෙකු අප කරනා සමාජ මෙහෙවරයන් ගැනත් ඉතා හොඳින්  දන්නා බව අපි සක්සුදක් සේ දනිමු.
  රුපියල් 50 ගානේ දහ දෙනෙකුට රුපියල් 500ක් දී , එය රුපියල් 5000ක මුදලක් ගෙවලා රූපවාහිනී නාලිකාවක විකාශය කරන මහත්තුරු ඉන්න රටක සරසවි සිසුන්ගේ මෙහෙයට දහඩියට ගුවන් කාලයක් වෙන් නොවුනේ මුදලේ බල මහිමය නිසා බව ඉතා පැහැදිලිය

ආදරණීය ශ්‍රී ලාංකිකයිනි..
          ඒක එහෙම වුනාවේ කියලා ඉවත බලාගෙන සිටිය යුතු නොවන ඉතා කණගාටුදායක තීරණාත්මක මොහොතක් දැන් එළැඹී ඇති බව අපි ඔබට කියමු.ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත.ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති .කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු.කාබන් කොපිය සරසවි සිසු මතය රැගෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ලඟා කරවන්නට අපි අපට කළ හැකි සියළු දේ කරමු."සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පිටපතක්" යන අරුතෙනුයි මෙය "කාබන් කොපිය " ලෙස නම් කළේ.


  නමුත් ආදරණීයශ්‍රී ලාංකිකයිනි ,
          ඔබ දුටු සරසවි සිසුවා ගැන ඔබ ඇසූ දෙයින්  ,කාබන් කොපිය හා එහි අදහස් කිරා මැන බලන්නට ඉක්මන් නොවන ලෙස ඉල්ලමු.නිදහස් සිතින් මේ තීරය කියවන්න.මෙහි අදහස්වලට ඔබ එකඟ නැත්නම් මේ අදහස් වලට යටින්ම ඔබේ අදහසුත් එකතු කරන්න.සරසවි සිසුන් ලෙස ඒ මාධ්‍ය නිදහසට අපි කරන බවද ඒ වෙනුවෙන් පෙනී සිටින බවද,නිවැරදි මත අනුව නිවැරදි වීමට සූදානම් බවද අපි කියමු.
එමෙන්ම ඒ අදහස් වලට ඔබ එකඟ නම් ඔබට හැකි අයුරකින් (අඩුම තරමෙ පුන්චි ලිපියකින් නැත්නම් පොඩි comment එකකින්)අපට සහයෝගය දෙන ලෙසද ඉල්ලමු.



No comments:

Post a Comment