ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Thursday, December 22, 2011

මේ අවදිවිය යුතුව තිබුණ අයට අවදි වීමට කාලයයි.


සුවහසක් වූ ශ්‍රී ලාංකිකයිනි,
"අපි සරසවි සිසුවන් වෙමු" ඒ බව ඔබට කීවේ ආඩම්බරයකින් හෝ අභිමානයකින් නොව  පිටතට නොපෙන්වන හදවතේ සඟවාගත් වේදනාකාරී විලාපයක් සමඟින් බව ඔබට කීමට අපි ලැජ්ජාශීලී නොවෙමු.ඒ බොහෝ මාධ්‍ය වල ආවරණය වන පරිදි සරසවි ශිෂ්‍යයා වනාහී වත්මන් සමාජයට පිළලයකි යන මානයෙන් බැහැරව ගොස් සරසවි ශිෂ්‍යයා වනාහී සමාජයේම අවයවයක් බව  අප අදහන නිසාවෙන් බවද අපි ඔබට කියමු.
ඔබලාගේම ලෙයින් ජනිත වූ සරසවි සිසුන් වන අපට,ඔබට කීමට ඇති දෙය එලෙසින්ම සම්ප්‍රේෂනය කරගැනීමට වත්මන් මාධ්‍ය වලින් ලැබෙන්නා වූ දුර්වල ආවරණය හමුවේ මෙලෙසින් අප අදහස් ඔබ හමුවට ගෙන ඒමට තීරණය කළෙමු.

                    මේ අවදිවිය යුතුව තිබුණ අයට අවදි වීමට කාලයයි.

පුංචිකාලේ පුතේ ලොකු වෙලා කවුරු වෙන්නද හිතන් ඉන්නේ? කියල ඇහුවම අපි කිවුවා
දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කියලා.අපි අද ඉංජිනේරුවො නොවුනට ඉංජිනේරු ශිෂ්‍යයො.දොස්තරවරු නොවුනට වෛද්‍යය ශිෂ්‍යයො. ඒ අපේ අම්මලට හතර මහා නිධානය පහළ වෙලා තිබුණ නිසා නෙවෙයි.මේ පුංචි රටේ සතයක්වත් නොගෙවා අධ්‍යාපනය ලබන්නට තිබූ අයිතිය නැතිනම් නිදහස් අධ්‍යාපන අයිතිය නිසයි.
            ඔන්න ඔය කියන නිදහස් අධ්‍යාපනය උදෙසාවෙන් තමයි අවදි නොවිය යුතුව තිබුණ උන් ඉතිහාසය පුරාවටම අවදි උනේ.ඒ නිසාවෙන්ම යළි අවදි නොවන්නට නිදාගත් අයත් සිටියා.නමුත් අවදි විය යුතුව තිබුණ උන් තාමත් නිදාගෙන ඉන්නවා.නැතිනම් නිදාගෙන ඉන්නවා වගේ රඟපානවා.ඕක තමයි මේ කියන කතාවේ තියෙන හාස්‍යජනක පැත්ත.මෙතෙක් කල් නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරවල් ගානේ උගුර ලේ රහ වන තෙක් සටන් පාට කිවුවෙ දේශපාලන මහත්වරුන්ගෙ ආරක්ෂාවට ඉන්න බොඩි ගාඩ් මහත්වරුන්ගෙන් ලේ පෙරෙනකල් ගුටි කෑවෙ පොලිසියෙ මහත්වරු බෙල්ට් ටික ගලවල ගහනකොට එකට දුවන සගයා වෙනුවෙන් බෙල්ට් පාර කෑවෙ,කොටින්ම ලංකාවෙ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් රවලවත් බලන්න බය වෙන ලොකු පොරවල් ඉස්සරහ නිදහස් අධ්‍යාපනයෙ නාමයෙන් උපාධිය විතරක් නෙවේ ජීවිතයත් උගසට තිබ්බේ සරසවි ශිෂ්‍යයොයි කියන පුද්ගලයෝ.
ඒ සඳහා උන්ට ලැබුනේ කෙනිත්තිලි තර්ජන ගර්ජන ගුටි බැට විතරයි.ඒ භූමිකාව රඟපෑවේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි.බහුතරයක් වූ සරසවි ශිෂ්‍යයො ඒකෙ හවුල්කාරයෝ.හැබැයි එක දෙයක් ඔය කියන සරසවි ශිෂ්‍යයන්ට තමන්ගෙම කියල ජීවිතයක් තිබුණා,තියෙනවා.උන් නිදහස් අධ්‍යාපනය තුළ කළ යුත්ත කරලයි තිබුණේ.ලබා ගත් යුත්ත ලබා ගෙනයි ඉන්නේ.මේ අවුරුද්දෙ උපාධිය විකුණනව යි කියන කාරණයෙන් උන්ගෙ ජීවිතවලට මහ ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ.උපාධිය විකුණුවයි කියලා දැනට සරසවිවල ඉන්න ශිෂ්‍යයන්ට උපාධිය නොදී ගෙදර යන්න කියන්නෙ නෑනෙ.හැබැයි ඔය කියන නිදහස් අධ්‍යාපනය විකුණන් කෑම හින්දා අනාගතය අහිමි වෙන්නෙ ගම්වල ඉන්න දුප්පත් දරුවන්ට,මධ්‍යම පාංතික ලිපිකාර මහත්වරුන්ගෙ,පොලීසියෙ මහත්වරුන්ගෙ ගුරු මහත්ම මහත්මීන්ගෙ දරුවන්ට.කොටින්ම තමන්ගෙ දරුවගෙ උපාධියට ලක්ෂ හැට පහක් ගෙවන්න බැරි ඔබේ දරුවට.ඔන්න ඔය කියන මහත්වරුන්ට කියන්න දෙයක් සරසවි ශිෂ්‍යයට තියෙනවා.
         ගොඩක් අය කතා කරන විදියට ඇත්තටම අපට පිස්සුවක් තියෙනවා.සංවේදීත්වය කියන නහර කපල තියෙන සමාජයක අපි සංවේදී වෙන්නෙ මේ රටේ සුවහසත් වූ මහ ජනතාව ගැන. මෙය කියවන ඔබට ඔබේ දරුවාට ඔබේ සොයුරාට ලක්ෂ 65 ක් ගෙවා පෞද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය ලබා දීමට ඔබට හැකි ද ? ලක්ෂ 40 ක් වියදම් කර ඉංජිනේරුවකු කල හැකි ද ? 
ලක්ෂ 25ක් ගෙවලා කළමනාකාරයෙක් කරවන්න පුලුවන්ද ?ඔන්න ඔය ප්‍රශ්නෙම තමයි පහුගිය දෙසැම්බර් 21 වෙනිදා රුපියල් 500ක මුදලකට හා දේශපාලකයින්ගෙ වුවනාවට ගලහා හන්දියේ පැය දෙකකට තුනකට සරසවි ශිෂ්‍යයන්ගේ දෙමාපියන් මෙන් පෙනී සිටි නාඩගංකාරයින්ගෙන් ඇහුවේ.

ඔන්න ඔය ප්‍රශ්නෙම තමයි තමන්ගෙ දරුවන් වෙනුවෙන් කතා කරන සරසවියෙ ඉන්න දුවෙකුට පුතෙකුට පහර දෙන්නේ කෙසේද  යැයි ඉහළින් ලද නියෝගයන්ගෙන් දෙගිඩියාවට පත් වී පසු ගිය 21 වෙනිදා ගලගා හන්දියේ කටු කම්බි වලට එහා පැත්තේ හිටපු පොලීසියෙ මහත්වරුන්ගෙන් අපි ඇහුවේ.
  
තව දෙයක්, කොළඹ රාත්‍රී සමාජ ශාලා වල තරු හෝටල් වල කාමාතුරයන්ගේ කෙලි බඩු බවට පත් වන රුසියානු චීන යුක්රේන තරුණියන්ගේ කතා වල ඇරඹුම තම විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම බව ඔබ නොදන්නවා නොවේ. යම් දිනක නුඹේ දුවත් වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට උසස් පෙළ අධ්‍යපනය පසෙක ලා තවත් එක් අදුරු කාමරයක කාටත් නෑසෙන ඉකි බිදුමක් හදවතෙහි හිර කර ගනිමින් ලොව පැරණිම රැකියාවට යොමු වන දිනය වැඩි ඈතක නොවේයයි ඔබට කියන්නේ බොහොම සංවේගයෙනි. ඉතින් මහත්වරුනේ එයයි ඔය කතාවේ තියෙන ඇත්තම් පැත්ත

              ආයෙත් අපි අපේ ප්‍රධාන මාතෘකාවට යොමු වෙමු.මේ කියන්නා වූ සංසිද්ධිත් එක්ක ලංකාවේ ඉන්න බහුතරයක් වූ ඔබ වැනි අයටයි මේ හෙණය පාත් වෙන්නේ.නමුත් කෝ ඒකට විරුද්ධව ඔබේ හඬ?ඔබේ සටන් පාඨ?කෝ ඔබේ විරෝධය?" අන්න ඒ නිසාවෙනුයි අපි කීවේ අවදි විය යුතුව තිබුණ උන් අවදි නොවී ,අවදි නොවී තිබිය යුතු උන් අවදි උනා කියලා" ( ඒ විතරක් නෙවෙයි .ඒ අය අර අවදි විය යුතුව තිබූ අයගේ දරුවන් උදෙසා ජීවිතයෙන් පවා වන්දි ගෙවූ බව අමතක කරන්න හොඳ නෑ.)ඔන්න ඕකයි මේකෙ තියෙන හාස්‍යය,වේදනාකාරී හාස්‍යය
              ඒ වගේම ඔය කියන කතාවේ තියෙන හාස්‍යය තීව්‍ර වෙන්නේ මේ කියනා කාරණයත් එක්ක.අපි දැන් අවුරුදු හතරකට කිට්ටු වෙන්න සරසවියෙ ඉන්නවා,සෙරෙප්පු කෑලි දෙකක් දාගත්ත රැවුල් කොට වැවිච්ච කෙසඟ නමුත් අති පණ්ඩිත (ලංකාවේ බොහොම දෙනාට සරසවි ශිෂ්‍යයන්ව පේන්නේ එහෙමනේ ) නිදහස් අධ්‍යාපනය කියන වචන දෙක අල්ලගෙන තොර තෝංචියක් නැතුව කෑමොර දෙන සරසවි ශිෂ්‍යයන් භූමිකාව නිරූපණය කරමින් ඉන්නවා.ඒ අවුරුදු කිහිපය තුළ අපි දෙදහස් පන්සීයෙ මහපොළයි ,ගෙදරින් ලැබෙන් සොච්චමයි අරගෙන පාරක් පාරක් ගානේ ඇවිද්දා.ගෙයක් ගෙයක් ගානේ ගියා.ඔළුව කැක්කුම හැදෙනකල් මහ අවුවේ පිකට් ගියා.පොලීසියේ මහත්වරුන්ගෙන් ගුටි කෑවා.අපේ සමහරු හිරගෙයි කූරු ගනන් කළා.
             මේ ඔක්කොම කළේ අපට යන්න පාරක් හදාගන්න නෙවේ.රස්සාවක් දෙන්න කියලා නෙවේ.අපෙන් පස්සේ කැම්පස් එන්න බලාගෙන් ඉන්න අර කීව සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ ගැන තියෙන සංවේදී පරාර්ථකාමී හැඟීමෙන් .හැබැයි අපිට එක දෙයක් බැරි උනා.රුපියල් 100 ගානේ 10 දෙනෙකුට රුපියල් 1000ක් දීලා රුපියල් 50000 දාලා එම සමාජ සත්කාර්යය රූපවාහිනියේ විකාශය කරන මිනිසුන් සිටින රටේ අපේ කැප කිරීම ඔබට කියන්න අපට බැරි උනා.නැත්නම් රටේ ඉන්න ඇත්තෝ ඒක නොදුටුවා වගේ හිටියා.සමහරු නිහඬව නොඉද නක්කලේට අපට හිනාවුනා."අපි සටන් වැදුනේ ඔබේ දරුවා වෙනුවෙන් අපට හිනා වෙන්න එපා.නිදහස් අධ්‍යාපනය නැතිවුනාම වරදින්නේ ඔබේ දරුවන්ට " කියලා කියන්න එදා අපට ඕන උනා .නමුත් ඔවුන් ඒකටත් හිනාවුනා.ඒක තමා මේ කතාවේ තියෙන ඊළඟ හාස්‍යය .

                ඉතින් මහත්වරුනේ,ඔය කියන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමේ අවසාන හෝරාව ලබන ජනවාරි 7 වනදා යෙදී තියෙන බව ඔබ දන්නවාද?රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා වසරකට වැය කරන මුළු මුදලට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සහන ක්‍රමයට ණය ලබාදෙන පරිපාලනයක් සහිත මේ රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල පණත
2012 ජනවාරි 7 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුදල් අහේනියකදී තම රූමත් බිරිය මුදල් කරවීමට බලා සිටින ස්වාමි පුරුෂයෙකුගේත්,අධ්‍යපනේ අගය විඳීමට නොව විකුණන් කෑම පාලක ප්‍රතිපත්තිය කරගත් වත්මන් පාලකයන්ගේත් වෙනසක් ඔබට පෙනේද ?විශ්ව විද්‍යාලවල අධිකාරී බලය දේශපාලකයන්ගේ හස්තයට පවරන රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පණත ජනවාරියේ ඉදෙන කිරිබත සමඟ නීතිගත වීමට නියමිත බව ඔබට සංවේගයෙන් කියමු.

                   ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ,මේ පසුබිමේ සිට අපි අහනවා ඇත්තට අපිට පිස්සුද?එහෙම නැත්නම් පිස්සු කියන්නේ වියරුවෙන් වගේ නිදහස අධ්‍යාපනය විකුණන් කන්නට උත්සහ කරන පරිපාලනයටද?කෙසේ වෙතත් සරසවි ශිෂ්‍යයා ඔය කියන යතාර්ථය වෙනුවෙන් පාරට බසීවි.පිකට් කරාවි.ලේ දහඩිය හලාවි.ඔබට හිතෙනවානම් ඒ හෙළු ලේ කඳුලු දහඩිය සාධාරණයි කියලා හෙට දිනයේ අපි කවුරුහරි පාර අයිනේ කඳුළු ගෑස් වැදිලා බැටන් පොළු පාරක් කාලා ලේ පෙරාගෙන වැටිලා හිටියොත් සමච්චලේට අපට හිනා නොවී අපට වතුර ටිකක් දිලා යන්න අමතක කරන්න එපා.ඒ අපිට ඇති..

16 comments:

  1. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමට රට වැසියන්ට කාගේවත් අවසරයක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ පණ ඇති කොන්දක් පමණකි.

    ReplyDelete
  2. I don't agree with this statements, at least for the most part of it.

    As a person who has had the privilege to attend UoP, I've had the 1st hand experience you people mention. And i despise what you do inside the campus. I was there to see all the ragging and stuff. I feel sad about the people who conduct these nonsense and wonder why my parents pay the taxes for you people to do what you do.

    The teaching standards are very poor at university and lies, half truth & outdated material were taught to me. I was lucky enough to escape that life and pursue my dream and look where it has got me, I've completed my MSc just now and my friends are still at the University.

    You say that middle class people like clerks can't afford to pay the huge sums, guess what you're wrong. There are plenty of students from these kind of background go abroad because they couldn't get into the university.

    Also the amounts you've mentioned is just fees, you need to take into account the living and other expenses as well. Let me give you some perspective. I did my MSc in UK and I had to pay LKR 1.6mil as fees and roughly about LKR1.0mil as living expenses. If this university was in Sri Lanka, I wouldn't have to bear the additional cost of living expense. and it would be a saving for the country.

    What about SLIIT,APIIT, ACBT, ICBT, ANC, ACHE, ESoft, MATRIX and others who offer university degrees at affordable prices for much less than you mentioned?

    Also think about this, there are lots people in the local uni's that can afford private education and if they were given the option they would definitely go for that bcos of the environment you people have created. Now if they attended private universities, then at least 1000 more poor kids could get a better life bcos of this.

    I respect free education. I never had the opportunity taste it as I had to pay for all of my education (Private school - not international). because of that I value my teachings and I work hard for it. I see many students who were bad at school work their asses off at private uni's (here or abroad) because they know the value of the education. But it's not the case with the people inside local uni's, only a very select handful take it seriously.

    Let me give you another example, in the 3 year period after I left the local UoP (2008/Apr) I aquired the following qualification: MSc, MBCS, MCITP:EA, CCNA, CCNA Sec and hopefully by next year i'll be able to get CITP and CEng whereas my friends in the uni only have a BSc, BSc Sp. and maybe cim/cima, and I also have over 4 years of work experience.

    Think about these when you write about these stuff.

    ReplyDelete
  3. එල මචෝ, පට්ට පෝස්ට් එක... දිගටම කරන් පයලන්.

    ReplyDelete
  4. @gayan..

    you can do MSCs in here even in government unviersities by paying. And most people don't have money to take u'r qualifications in here.

    kadden kotanta gihin kela unaada manda... :o

    ReplyDelete
  5. රටේ අනාගතය වනසන්න තමා දැන් මේ ගිනි අවි යොදවන්නෙ. ඉස්සර තමා රට රකින්න පාවිච්චි කලේ. කොහොමත් යුද්ධයක් නැති රටකට ගිනිඅව් ජනතව මර්ධනය කරන්න ඇර වෙන මොකටද??? ආන්ඩුව කියන කියන පද වලට නටනවනම් මේ ගිනි අවි අපිට එල්ල වෙන්නෙ නෑ. හැබැයි කවමදාකවත් අපි එහෙම නටන්න ලෑස්ති නෑ නෑ නෑමයි................

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. I am not coming from a rich family but I achived my goals through hard working. I did lot of sports in my school. although I couldn't enter to the university but I was able to find a job since my A/ls and my additional qualification of sports. I worked hard and earned money. I completed CIM and finished my B.Sc. at Open University. But I didn't ask money from my mother instead of looking after her. I applied for work permit in UK and it was succeeded. Now I am working as Junior Executive at Mears Pvt Ltd. So, I am still 28 years old and I achieved my goals now I am sending money to my country and I am looking after my mother well. So, I am really shame about These students. they are big burden to my country. Please don't spoil our younger generation.

    ReplyDelete
  9. @gayan,
    I'm a university student too.We can pay money for our childrens'
    education and their future.Then why we are fighting for free
    education.......?????
    You should think about that as you were a university student.
    That is the difference between u and me.......

    ReplyDelete
  10. අධ්‍යාපනය මුදලට විකිනීම හරිද, වැරදිද?
    පැනයට පිළිතුරු ලැබෙන්න්නේ එය ක්‍රියාවට යොදවන ආකාරය අනුවයි. සියල්ලක්ම මුදලට යට වන සමාජයක අධ්‍යාපනයද මුදලට යට වීම තුන් වන ලෝකයේ රටක් වන අප රට තුල සාධාරණ භූමිකාවක් නිරූපණය කරාවිද? අප රටේ සරසවි තුල මතුව ඇති පැන උදෙසා විසඳුම් නොසොයා, ඒවා පසෙක ලා මුදලට අධ්‍යපනය විකිනීමට පිඹුරු පත් සැකසීම කාලෝචිත බව ඔබට සිතෙයිද? දහසකුත් එකක් අර්බුද දෑසට පෙනි පෙනී විසන්ඳුම් නොදෙන පාලකයින් මුදලට අධ්‍යාපනය විකිනූ පසුව එවාට විසඳුම් ලබා දේ යැයි ඔබට සිතේයි නම් එය විහිළුවකි. ඔබම පෙන්වා දෙන පරිදි ඉගැන්වීමේ නිසි ක්‍රම වේදයක් නැති, යල් පැන ගිය විෂය නිර්දේෂ සහිත පද්ධතියකට පිළියම එම ප්‍රශ්න වලින් තොර වූ පද්ධතියක් අළුතෙන් ආදේශ කිරීමද? තිබෙන පද්ධතියේ අඩු පාඩු සැකසීමද? රටක මුදල් ඉතිරි වනුයේ මේ කුමන විසඳුමක් ක්‍රියාත්මක කල විටද? පෞද්ගලික විශ්ව විද්‍යාල වල ගෙවන වැඩි පඩිය කරා ඇදෙන සරසවි ඇදුරන් රාජ්‍ය විශ්ව විද්‍යාල තුල රඳවා ගත හැක්කේ කුමක් කිරීමෙන්ද? එවිට ගුණාත්මක භාවයෙන් පිරිහෙන රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන නගා සිටු වීමට පැහැදිලි, විනිවිද පෙනෙන වැඩ පිළිවෙලක් පාලකයන් සතුද? වර්ථමානයේ උද්ගත වී ඇති ගැටළු නොවිසඳන පාලකයන්ගේ අනාගත ක්‍රියා කලාපය ගැන නම් කවර කතාද?

    මෙහි ලා විශේෂයෙන් සඳහන් කල යුතු කාරණය නම් වසර තුනකට රුපියල් මිලියන 1.6+1.0 = 2.6ක් අධ්‍යාපන හා අනෙකුත් වියදම් සඳහා වියදම් කරන මධ්‍යම පාන්තික පැලැන්තියයි. එය වසරකට ගෙන බැලූ විට රුපියල් 866,666.67කි, මසකට රුපියල් 72,222.23කි. අප රටේ මධ්‍යම පාන්තික පවුලකට එක් දරුවකුගේ අධ්‍යාපනයට මසකට රුපියල් 72000ක් වියදම් දැරිය හැකිද? නිර්වචනයෙන්ම ඔබට වැරදී ඇත. යථාර්තය එයයි. මේ රටේ මධ්‍යම පාන්තික හා අඩු ආදායම් ලාභී පවුල් වල පසුබිමවත් ඔබට දැනී නැති සෙයකි. නමුත් අප එය අත් දැකීමේන් විඳ ඇත්තෙමු. අප සමඟ එකට අධ්‍යාපනය ලබන, කන බොන, ජීවත් වන ඔවුන් ගේ දුක් ගැහැට අපට නිබඳවම හුරු පුරුදුය. ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය පවා කප්පාදු කරන ක්‍රම වේදය මිස වෙන යම් කාරණයක් නොවේ. ඔවුන් දෙපයින් නැගී සිටිනවාට ඔබද අක්මැත්තක් නැතිවාට සැකයක් නැත. එමෙන්ම මුදල් බලයෙන් ඔවුනගේ අනාගතය අඳුරු කර දැමීමේ ක්‍රමවේදයකට ඔබද හවුල් කරුවෙකු වීමට අකමැති බවද සැක නැත. එසේ වුවහොත් පහර වදින්නේ ඔවුනට පමනක් නොව මුළු රටටම එය මහත් සේ බලපානු ඇත.

    මුදලින් හෝ වේවා නිදහස් අධ්‍යාපනයෙන් හෝ වේවා යමෙකුගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය කප්පාදු කල නොහැක, නමුත් සුවහසක් වූ අසරණ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය කොමිස් කුට්ටියට යට වී බිල්ලට දීමටද කිසිවෙකුට අයිතියක් නැත. සෑම පර්ශවයකටම සාධාරණයක් වන විසඳුමකට විරෝධතාවයක් නැගීමටද කිසිම හේතුවක් නැත. කල යුත්තේ රෝගය මතු පිටින් විනිශ්චය කිරීම නොව, රෝග මූලයට විසඳුම් කිරීමයි. පවතින විශ්ව විද්‍යාල තුල අඩු පාඩු සකසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුවාට කම් නැත. එවිට රාජ්‍ය විශ්ව විද්‍යාල හා පෞද්ගලික යන අංශ ද්විත්වය අතරේ වන තරඟයෙන්ද මෙරට උසස් අධ්‍යාපන උසස් තලයකට ලං වනු ඇත. නමුත් පවතින වාතාවරණය තුල ඉදි කිරීමට යන පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වැසී යන තත්වක් ඇති වීමයි. එසේ වීමට යන අධ්‍යාපන අයිතිය කප්පාදුවට එරෙහි වීම සාධාරණ තර්කයකි. සිතන්න අප රටට අවශ්‍ය වන්නේ සෑම පාර්ශවයකටම සධාරණ විසඳුම්ක් මිස මුදලට යට වූ විසඳුමක් නොවේ. මන්ද නුදුරු අනාගතයේදී රටේ අනාගතයේ නියමුවන් වන්නේ එකෙකු නොව අප සැවොම බැවිනි.

    ReplyDelete
  11. @ Gayana Gunasekara :

    Dear brother, as you prefer ENGLISH I’ll use it to write a reply for your comment.

    I don’t want to say that there is no RAG in the Universities. Because even in some schools, RAG is not a special thing. As I feel the word RAG is something beyond that, happening in Sri Lankan universities. And according to my view the RAG(existing in uni) should be there in the Universities and some modifications should be happen in this process according to the time.

    I want you to describe some points on our education system, which you have misunderstood. As you saying, ‘teaching standards are very poor at university and lies, half truth & outdated material were taught to me’. I completely disagree with the first thing. Because the lecturers are well educated people and they know how to teach students in a good manner. Many of them have completed their MSc degree at highest ranked universities in the world, and they know what kind of standards they have experienced as students in those universities. So they have good teaching standards. I experience it since I’m a final year student.

    I also agree to your next point but not completely. Some of the subjects should update according to the new tools and technologies. As well, new subjects should be including to the syllabus. So my dear brother, as students who feel the necessary of these things, we ask from the authorized people, to make these changes in our University System. But it’s sad to say, the Institute of Higher Education & Minister of Higher Education is not responding to these problems though they are always trying to suspend or arrest the students for lie reasons.

    What did you mean by half truth material? I thing that is not depend on the institute where you get educate. Due to the production errors, any software, any instrument can have errors. Did you mean something else brother?

    Anyway, is it good thing that plenty of people go abroad to get into a university? If we can increase the number of opportunities to get into a government university, then lot of people will be able to enjoy the highest level of free education, without spending large cost. So why don’t you think about this easy way instead of establishing private universities in Sri Lanka. You have spent around LKR 2.6mil to your higher education. Do you think, people not like rich as you, can spend that kind of huge amount only for higher studies of a one child of a family?

    I’ll mention what are the estimated prices of degree courses in existing government universities according to the estimation of UGC. (UGC estimated these degree courses in order to get foreign students to government universities)

    Medicine Degree - LKR 6.5 mil (Rs.6,500,000/=)
    AHS Degree - LKR 4.0 mil
    Engineering Degree - LKR 3.5 mil
    Management Degree - LKR 2.5 mil
    Arts Degree - LKR 0.8 mil

    Without saying anything I suggest you to visit these links. But remember, though this cannot happen to your family, it can be happen to your neighbor’s children.

    http://www.habermonitor.com/en/haber/detay/87533/school-fees-for-the-prostitution

    http://www.heraldsun.com.au/news/students-swayed-by-high-uni-fees/story-e6frf7jo-1225821770317

    http://www.toonaripost.com/2011/07/world-news/sex-and-the-uni-student-prostitution-rates-shock-germany/

    ReplyDelete
  12. @ Gayana Gunasekara (continue previous comment):

    My dear brother, you also can understand (also u have experienced) how the responsible people of this country treat to government universities. I can pop up only one latest example. As University of Peradeniya ask LKR 1100 mil for maintain the university in 2012 year. But government has given only LKR 143 mil. Please remember this is only one thing. Government has given LKR 600 mil to Malambe Private Medicine College as a loan to maintain it even though they are not treating well for government universities. So can you say that, if private universities are established in the country, government will treat government universities even as present? Please remember not only my family member, but also your family member may get treatment from the doctors of above Private Medical College.

    And I’m not confusing about your bunch of qualifications. Because anyone who have some knowledge about these degree courses can understand, what is the quality of those degree courses as you have finished with very short time. We can even follow that kind of degree courses online within one month (some of them are within one week). So, dear don’t mislead the people without having idea about these kinds of things.

    Finally I have to tell you, this problem is not just establishing private universities in Sri Lanka so that rich people can get education though they haven’t enough educational qualifications, this is a problem of education of our younger generation in the future, and this is a problem about selling the education, and this is a problem about culture of the Sri Lanka.

    I’ll say you one thing to remember. In this year the literacy of Sri Lanka id 94.2 because of FREE EDUCATION established by Hon. Dr.Crestoper William Wijeyekoon Kannangara. Remember brother, as a person who enjoyed the free education, join with us to protect this.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Dear friend Gayan Gunasekara , let me say something to u.
    Friend , im a Electrical and Electronic Engineering Undergraduate in pera
    You have written about few Degrees and these are the things that I know about them.
    (but I know only about few n I have no idea about others. May be they are for other fields except Engineering)
    1. MSc- is a postgraduate degree and a person who is going to do this should have BSc.(Bachelor of Science) degree. In Standard universities in the world offer at least 2 year course (may be more)
    For a MSc student.
    Note
    But remember most of the standard university courses take 4 years to complete the BSc.
    Then for completing a MSc the minimum time period is 6 years. But you have complete all these things with some extra items within just 3 years.

    2. MBCS- I did not have any idea about these letters and I just google them.
    Wikipedia explains it like this.
    MBCS
    From Wikipedia, the free encyclopedia
    MBCS can refer to:
     Member of the British Computer Society - denoting membership at a professional level



    Then I searched this British Computer Society and under following URL I found this.
    http://www.bcs.org/content/conWebDoc/1082

    Professional Member
    To become a Professional Member (MBCS) you will need:
    • 5 years IT work experience
    • an Honours degree with BCS exemption.
    So brother as the Wikipedia is a trusted source I think the above institute is the relevant authority
    For your MBSC the strange thing is the 5 year working experience (you mentioned about 3 years)
    3. MCITP: EA should be the Microsoft Certified IT Professional and as I know this is a exam which most of the IT students are doing and actually it is a extra advantage.

    Note
    But remember these kind of qualifications are not said as degrees or levels. Then the courses that we have followed like PLC , Unicat java should also be degrees. But they are not.

    4. CCNA, CCNA Sec- Actually I too have followed CCNA and it is just an exam regarding CISCO devices and some networking is there too. CCNA sec is a extend of that exam and anyone who have the ability of networking and money can do CCNA..(Remember these words like networking or cisco are not strange words to the present world. Even a small child knows about networking up to some level.)
    5. You have mentioned abut CEng. Also .I think you are talking about Chartered Engineering.
    I would like to tell you one thing that I know. In our faculty (Pera eng fac.) I know about PHd degree holders (I mean lectures) who do not have that charted part. To become a chartered engineer, normal engineer should have a long working experience under another charted engineer and he should pass another one or two exams too.

    If you do not believe me this is what WIKIPEDIA says about a Chartered Engineer

    Chartered Engineer is an engineer registered with Engineering Council . Contemporary Chartered Engineers are master's degree-qualified and have gained professional competencies through training and experience. The formation process (academic + internship / apprenticeship / graduate training + peer reviewed professional practice) of a Chartered Engineer spans 8–12 years. The title Chartered Engineer is protected by civil law but the practice of engineering has no legal restrictions



    So my friend Gayan Gunasekara
    Mentioning few names is not enough. As you are saying your friends in the local universities only have a BSc, or BSc Sp. That’s true. I even don’t have dat qualification. Im just a engineering undergraduate. But if you can explain how you have gained that much qualifications just in 3 or 4 years it will be more attractive ( at least for your post )

    ReplyDelete
  15. @gayan Gunasekara,
    come to the actual world and see for your self.. poor people can not afford the amount of money you have mentioned.

    As per your words "SLIIT,APIIT, ACBT, ICBT, ANC, ACHE, ESoft, MATRIX and others who offer university degrees at affordable prices".

    Do you think it is an affordable price? That means you haven't seen or heard of poor people. I knew financial background of people who graduated and became engineers with me. Some of them didn't had enough money, at least to get their meals.

    When they started privatization of education, will there be good government universities for any one to learn?

    I don't know what do you wanted to say by saying you took 4 years just to get MSc, MBCS, MCITP:EA, CCNA, CCNA Sec. So I am not going to comment about them. Can you show me a relationship between these and free education system or private education. You have to pay for the MSc in any university.

    I graduated because of the free education.I want other people like me also to get that chance.

    @Authors,
    sira wedak mallila.. keep up the good work..

    ReplyDelete
  16. very correct, some innocent victims of foreign unv: belive that they got a degree for affordable price as mr gayan said, but they are actually not degrees, just fakes. i think mr gayan is also in such a mess,nothing can match the education in government universities.some cant understand it, some are too late when they understand it. ela site eka.karage yamuu.NIDAHAS ADYAPANAYATA JAYA WEWA!!

    ReplyDelete