ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Saturday, December 31, 2011

කුමන්ත්‍රන පරදින සුබ වසරක් වෙවා...............!


අද රෑ 2012 වසර ලබනවා ... ඔබේ නිවසේ අයත් එයට ලෑස්ති වෙනවද?
ගෙදර වතුර කලේට වතුර පුරවල, අලුතින් ඇදුම් එහෙම ගෙනල්ල, ගෙදරට අවශ්‍ය හැම එකක්ම ගෙදර තියනවද?
එහෙනම් දයාබර අම්මේ තාත්තේ පොඩ්ඩක් තමුන්ගෙ දුවගේ පුතාගේ පොත් බැගය පොඩ්ඩක් ඇරල බලන්න .......
සඳුද (ජනවාරි 02)අලුත් පාසල් වාරය පටන් ගන්නව නේද... ඔබේ දුව පුතා අලුත් පන්තියකට ඇතුල් වෙනව නේද? නැත්නම් මුලින්ම පාසැල් යන්නේ සඳුදද?
හිතට පුදුම සතුටක් ඇති නේද?
ගෙදර හැම එකම පිරිල තිබුනත් දරුවගෙ අධ්‍යාපනය සුරක්ෂිතද?
අච්චු පොත් ඔක්කොම ලැබිලද?, ලැබිලනම් එවායේ පිටු ඔක්කොම තියනවද?
අවුරුද්දේ දෙන නිල ඇදුම් රෙදි ප්‍රමිතියට තියනවද?
ඔබේ දුව පුතා මේ A/L පාර ලිව්වද? නැත්නම් ඔබ මෙවර A/L ලියපු නංගියෙක් හරි මල්ලියෙක් හරිද?
ඔබට ලබන්නාවු අවුරුද්දේ සිරියාව දැනෙනවද? හිත නිදහස් ද?
උසස් පෙල ප්‍රතිපල ගැන විශ්වාසය තියල ලබන්නාවු අවුරුද්දෙ අලුත් වැඩකට අත ගහන්න පුලුවන්ද?
ඔබ බලාපොරොත්තු වන අනාගතයක් (යහපත් අධ්‍යාපනයක් )ඔබේ දරුවාට ලබාදිය හැකියැයි ඔබට සිතෙනවාද?


මේ අවුරුද්දේ අපේ රටේ අධ්‍යාපනයට මොකද උනේ? අවුරුද්ද ලබන වෙලාවෙ එ ගැනත් පොඩ්ඩ්ක් හිතන්න.
හෙට උදේ අලුත් අවුරුද්දේ ඔබේ දෙපා නැමද සුබ අලුත් අවුද්දක් කියල සුබ පතන ඔබේ දුවගෙ පුතාට උසස් අධ්‍යපනයක් ලබාදෙන්න පුද්ගලික සරසවියකට යවන්න ඔබට පුලුවන්ද?
ලබන වසරෙදි ගෙන ඒමට නියමිත රාජ්‍ය නොවන වි.වි. පනත මගින් ඔබේ දුවට පුතාට අසාධාරනයක් සිදු නොවේද?

ඔබටත් එසේ සිතෙනවා නම් අපිත් එක්ක එකතුවෙලා පතමු.........

"ලබන්නාවු 2012 නව වසර නිදහස් අධ්‍යාපනය වනසන්නවුන්ගේ කුමන්ත්‍රන පරදින සුබ වසරක් වෙවා...............!"

අත්හිටවු පේරාදෙණිය සියලු ශිෂ්‍ය සංගම් යලි පිහිටුවයි............

පසුගිය දෙසැම්බර් මස 21 වන දින තහනම් කරන ලද පේරාදෙණිය වි.වි. මහා ශිෂ්‍ය සංගමය සහ සියලු පීඨ ශිෂ්‍ය සංගම් 2012 ජනවාරි මස 02 වන දින සිට යලි පිහිටුවීමට විශ්ව විද්‍යයාලීය පාලක සභාව තීරණය කර තීබේ.
පේරාදෙණිය වි.වි. අපකීර්තියට පත් කිරීම හා විශ්ව විද්‍යාල ප්‍රජාව අනාරක්ෂිත කිරීම යන චෝදනා මත පේරාදෙණිය වි.වි. මහාශිෂ්‍ය සංගමය හා සියලු පීඨ ශිෂය සංගම් තහනම් කරවීමට විශ්ව විද්‍යල පාලක සභාව තීරණය කරන ලදී. එහෙත් අසාධාරණ හා අභූත චෝදනා ප්‍රතික්ෂේප කරමින් අත්තනෝමතික ලෙස ශිෂ්‍ය සංගම් තහනමට එරෙහිව සිසුන් අඛණ්ඩ පංති වර්ජනයක යෙදුනහ. ශිෂ්‍ය විරෝධය හමුවේ දින 10 ක් ඇතුලත පාලනාධිකාරිය සිය අත්තනොමතික තීන්දුව හකුලාගැනීම 10,000 කට ආසන්න පේරාදෙණිය ශිෂ්‍ය ශක්තියේ හැකියාව රටටම අනාවරනය වීමකි. ඉහලින් කෙරෙන බලපෑම් හමුවේ ශිෂ්‍යයා මර්දනය කල නොහැකි බව රටකරවන ඇත්තන් දැන්වත් තේරුම් ගනිත්වා....
පේරාදෙණිය ශිෂ්‍ය සංගම් තහනමට පෙර ජ'පුර කැළණිය ඇතුලු තවත් සරසවි 5 ක මහා ශිෂ්‍ය සංගම් හා පීඨ ශිෂ්‍ය සංගම් 16 අත්තනෝමතික ලෙස තහනම්ට ලක් කර තිබුණි . එහෙත් පේරාදෙණිය ලැබු ජය ශිෂ්‍ය සංගම් වෙනුවෙන් සටන් කරන සොයුරන්ගේ සටනට සවියක්ම වේවා...........!
රාජ්‍ය නොවන වි.වි. පනතට එරෙහි පොදු සටනට මින් ජීවය ලැබෙවා........

Thursday, December 29, 2011

නිදහස් ඉගෙනුමේ අවසානය...............


නිදහස් ඉගෙනුමේ අවසන් ලකුනු          ඇතේ
එය ලැබ ගන්න ඇති හිමිකම සින්න     වෙතේ
පත පොත නුඹෙන් දැන් ටික ටික ඈත් වෙතේ
හෙට දින නුඹට මහ පාරයි අයිති            පුතේ

"අම්මා" කිය කියා බස තේරුව              නේද
"ටීචර්" කිය කියා විදු ණැන ලැබුවා        නේද
"කැම්පස්" කිය කියා රට ලොව දිනුවා   නේද
"private" කියා එකත් කෙලසුව            නේද

යකඩ සපත්තුවෙ පාරත් වදියි               හෙට
යකඩ උන්ඩ හැරවෙයි සිසුනගෙ          හිසට
අම්මා මෙන්ය නිදහස් ඉගෙනුම           මෙමට
ලේ බින්ඳු හෙලමි රැක ගමි එය          ඉදිරියට


+++++++++++++++++++++++++++++++

මම එන්නෑ අවුරුද්දට........

හොස්ටල් එකේ යට ලීයේ
පෙමින් වෙලෙන අවිච්චියේ........
කුරුලු හඬින් නුඹ ගයන්නෙ
නව වසරක පෙර නිමිතිද..............

නුඹටත් පෙර දැනුනා මට
අම්මත් ඇත මග බලාන.....
කිරිබත් කට පිලුනු වේවි
මම එන්නෑ අවුරුද්දට........

මා මීනිසෙකු කල අයිතිය
දෙකට ඉරන අවේලාවෙ
සටන් කරමි හකි අයුරින්.....
මම එන්නැ අවුරුද්දට
සමාවෙන්න ලොකු පුතාට........

Monday, December 26, 2011

private campus යන,ඒවාට යන්න බලන් ඉන්න,ඒවා ඕනමයි කියන සියලු දෙනා වෙතයි........!!

උඹලා ගොඩක් එවුන් රජයේ කැම්පස් යන එවුන් ගැන ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන ඉන්නෙ කියලා 


තේරුන හින්දා මේක දාන්න හිතුවෙ...........

ඇත්තටම මචෝ අපිට කිසිම ඉරිසියාවක් නෑ උඹලත් ඩිග්‍රියක් අරන් හොඳ job එකක් කරලා ලස්සන ජීවිතයක් ගත කරනවට...
ඒ වගේම අපිට කිසිම බයකුත් නෑ උඹල එව්වට ගිහින් ඩිග්‍රිය අරන් ඇවිත් අපෙ JOB එකට කෙළවයි කියලත්..
මචෝ අපිට උඹලා ගැන තියෙන්නෙ දුකක්,ඇයි දන්නවද...???
අපි මෙහෙ නොමිලේ ඉගෙනගද්දි උඹලා වගේ තවත් පිරිසක් campus එන්න ලකුනු මදි උන හින්දා,තියෙන සේසතම විකුණලා,හතර අතේ ණය වෙලා(සමහරු ) බොහෝම දුක සේ private campus වල ඉගෙනගන්නවා.......
අපිට උඹලා දකිද්දි දුකයි බං.රජයේ එව්වගෙ පහසුකම් වැඩි කරලා තව ගොඩක් අය කැම්පස් ගන්න කියලා අපි පාරට බැහැලා කෑගහුවට මොකෙක්වත් අහන්නෙ නැනෙ බං...........
ඒත් අපිට උඹලා සහ තාම ඉගෙනගන්න නංගිලා,මල්ලිලා වෙනුවෙන් කරන්න පුලුවං උපරිම දේත් එච්චරයි මචෝ...අපිටත් තුවක්කු,බෝම්බ
තිබ්බනම් බලධාරියො බය කරලා(උඹලා වෙනුවෙන්) තව කැම්පස් 1ක් හදවලාවත් උඹලවත් දාගන්න තිබ්බා...අපි කවමදාවත් අපෙ සුඛ විහරණය පතා පාරට බැස්සෙ නෑ.අපි කවදාවත් hostel එකේ hot water shower හයි කරන්න

කාබන් කොපියට ලැබුණු Comment වලින් උපුටා ගන්නා ලදී 1....


Dushmantharupasinghe said...
අධ්‍යාපනය මුදලට විකිනීම හරිද, වැරදිද?
පැනයට පිළිතුරු ලැබෙන්න්නේ එය ක්‍රියාවට යොදවන ආකාරය අනුවයි. සියල්ලක්ම මුදලට යට වන සමාජයක අධ්‍යාපනයද මුදලට යට වීම තුන් වන ලෝකයේ රටක් වන අප රට තුල සාධාරණ භූමිකාවක් නිරූපණය කරාවිද? අප රටේ සරසවි තුල මතුව ඇති පැන උදෙසා විසඳුම් නොසොයා, ඒවා පසෙක ලා මුදලට අධ්‍යපනය විකිනීමට පිඹුරු පත් සැකසීම කාලෝචිත බව ඔබට සිතෙයිද? දහසකුත් එකක් අර්බුද දෑසට පෙනි පෙනී විසන්ඳුම් නොදෙන පාලකයින් මුදලට අධ්‍යාපනය විකිනූ පසුව එවාට විසඳුම් ලබා දේ යැයි ඔබට සිතේයි නම් එය විහිළුවකි. ඔබම පෙන්වා දෙන පරිදි ඉගැන්වීමේ නිසි ක්‍රම වේදයක් නැති, යල් පැන ගිය විෂය නිර්දේෂ සහිත පද්ධතියකට පිළියම එම ප්‍රශ්න වලින් තොර වූ පද්ධතියක් අළුතෙන් ආදේශ කිරීමද? තිබෙන පද්ධතියේ අඩු පාඩු සැකසීමද? රටක මුදල් ඉතිරි වනුයේ මේ කුමන විසඳුමක් ක්‍රියාත්මක කල විටද? පෞද්ගලික විශ්ව විද්‍යාල වල ගෙවන වැඩි පඩිය කරා ඇදෙන සරසවි ඇදුරන් රාජ්‍ය විශ්ව විද්‍යාල තුල රඳවා ගත හැක්කේ කුමක් කිරීමෙන්ද? එවිට ගුණාත්මක භාවයෙන් පිරිහෙන රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපන නගා සිටු වීමට පැහැදිලි, විනිවිද පෙනෙන වැඩ පිළිවෙලක් පාලකයන් සතුද? වර්ථමානයේ උද්ගත වී ඇති ගැටළු නොවිසඳන පාලකයන්ගේ අනාගත ක්‍රියා කලාපය ගැන නම් කවර කතාද?

මෙහි ලා විශේෂයෙන් සඳහන් කල යුතු කාරණය නම් වසර තුනකට රුපියල් මිලියන 1.6+1.0 = 2.6ක් අධ්‍යාපන හා අනෙකුත් වියදම් සඳහා වියදම් කරන මධ්‍යම පාන්තික පැලැන්තියයි. එය වසරකට ගෙන බැලූ විට රුපියල් 866,666.67කි, මසකට රුපියල් 72,222.23කි. අප රටේ මධ්‍යම පාන්තික පවුලකට එක් දරුවකුගේ අධ්‍යාපනයට මසකට රුපියල් 72000ක් වියදම් දැරිය හැකිද?

Sunday, December 25, 2011

මේ කාබන් කොපිය ගැනයි



අපි සරසවි සිසුන් වෙමු.වර්තමාන මාධ්‍ය භාවිතාව තුළින් ඔබට පෙන්වන පරිදි නම් විකෘති සරසවි සිසුන් වෙමු.අප කරන කියන කිසිඳු යහපත් කර්තව්‍යයකටම ලබා නොදෙන මාධ්‍ය ආවරණයක් එක් කලහකාරී හැසිරීමක් වෙනුවෙන් මහා ඉහළින් ලබා දෙන මාධ්‍ය ප්‍රධානීන්ගෙන් යුත් රටක සරසවි සිසුන් වෙමු.  


ආදරණීය ශ්‍රී ලාංකිකයිනි ,
      බොහෝ දෙනා අපව පක්ෂ පාට වලින් හංවඩු ගසද්දී අප කළ සමාජ මෙහෙවරයන් නිහඬවම ඉදිරියට කරගෙන ගියෙමු.සරසවි සිසුවෙකුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නා ඕනෑම කෙනෙකු අප කරනා සමාජ මෙහෙවරයන් ගැනත් ඉතා හොඳින්  දන්නා බව අපි සක්සුදක් සේ දනිමු.
  රුපියල් 50 ගානේ දහ දෙනෙකුට රුපියල් 500ක් දී , එය රුපියල් 5000ක මුදලක් ගෙවලා රූපවාහිනී නාලිකාවක විකාශය කරන මහත්තුරු

Saturday, December 24, 2011

වැරදුන නාඩගම

මම නාට්‍ය හා රංග කලාව හදාරා නැත, එහෙත් නාට්‍යක චරිතයට ගැලපෙන් රංගාභරණ තිබිය යුතුය, දෙබස් සැකසී තිබිය යුතුයි. පොඩ්ඩක් සිතන්න මනමේ නට්‍යයේ මනමෙ කුමාරයාට වැදි ඇඳුම් අන්ඳවා වැද්දාට රජ ඇඳුම් ඇන්ඳුවොත්. එහෙමත් නැත්නම් කුමරයාගෙ දෙබස් වැද්දා කිව්වා නම් වන විපතක මහත.
එහෙත් පසුගිය දෙසැම්බර් 21 වන දින පේරාදෙණිය ගලහ හන්දියේ පැවති විශ්ව විද්‍යාල සිසුන්ගේ මාපිය උද්ඝෝෂණ නාටකයේ අධ්‍යක්ෂකවරයාත් අංග රචක ශිල්පියාත් වෙශනිරුපන ශිල්පියත් රචකයත් පොට පාටලවා ගති. 

පැමින සිටියේ පේරාදෙණිය සිසුන්ගේ මාපියන් නම් ..........(ඔවුන් අත ඇති පුවරු දෙස බලන්න )"විශ්ව විද්‍යාලයට නොතේරුණ අපේ දරුවන් සල්ලි දීලාවත් ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි " යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කලේ ඇයි? මේ කවුරුන් කාවෙනුවෙන් පෙනී සිටීමක්ද . 
අනෙක් කරුන සල්ලි දීල පෞද්ගලික සරසවි කඩ වල ඉගෙන ගන්න මෙ අම්මලගේ දරුවන්ට පුලුවන් නම් (දිනකට රු 3600/= ක් විදම් කර )...........මේ අම්මලා සතු වත්කම ඔබට සිතාගත හැකිද?

සරසවි ශිෂ්‍යයාගේ හෘද සාක්ෂිය සහ වර්තමාන මාධ්‍ය භාවිතය


සරසවි ශිෂ්‍යයා කියන්නේ නිදහස් අධ්‍යාපනය උදෙසා දහඩිය හෙළන පුද්ගලයෙක්.සරසවි ශිෂ්‍යයා කියන්නේ නිදහස් අධ්‍යාපනය මෙතෙක් කාලයක් රැකගත් සහ වර්තමානයේදී රැකගන්න පුද්ගලයා කියල කිවුවොත් නිවැරදියි.ඔය විදියට කියන සරසවි ශිෂ්‍යයෝ අනන්තවත් අපි දැකලා තියෙනවා.ඒත් ඔහොම කියන දයාබර සහෝදර සහෝදරියන්ට අමතකද දන්නේ නෑ ඔය සරසවි ශිෂ්‍යයා පහුගිය දවස්වල කොළඹ දෙවනත් කරපු හැටි.සාමාන්‍ය ජනතාවට යන්න එන්න බැරි වෙන විදිහට පාරවල් අවහිර කරපු හැටි.ඊට පස්සෙ රට කරවන අයට වහසි බස් කිය කියා ගලහ හන්දියේ ටයර් පුළුස්සපු හැටි.ඒවා සහෝදර සහෝදරියන්ට අමතකද? නැත්නම් මතක නෑ වගේ ඉන්නවද?
  එක මට්ටමක එක සීමාවක ඉඳන් මට ඕනෙනම් එහෙම කීව හැකි.
  ඒත් ඔතැන ඊට වඩා දෙයක් තියෙනවා
තමන්ගේ විභාගෙ හෙට කියලා ලෙඩ වෙච්ච සගයෙක්ගෙ රෑ කෑම එක අරගෙන ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙන, එකට ඉගෙන ගන්න එකාට සල්ලි නැති උනාම එක බත්පත දෙකට බෙදාගෙන කාලා ඉතුරු හරිය වතුර බොන මෙකී නොකී බොහෝ දේවල් ඔය නෝනලා මහත්තුරු වගේ ප්‍රසිද්ධ වෙන්න නොවෙයි පපුවෙ තියෙන කැක්කුමට කරන මගෙ සගයො අනන්තවත් මම දැකල තියෙනවා.
    හැබැයි දැනුම් තේරුම් තියෙන් නෝනලා මහත්තුරුන්ට මාධ්‍ය මහත්තුරුන්ට ,දශක ගණනාවක් මගහැරිච්ච දෙයක් තියෙනවා.

Friday, December 23, 2011

හෘද සාක්ෂියක් ඇති එක් අයෙක්

21 වනදා ගලහ හන්දියේ දී පැවති උද්ගෝෂණයෙන් අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය තහනම් කරන ලදී.නමුත් ජේෂ්ඨ විනයපාලකතුමා ඉදිරිපත් කල වාර්තාවේ සදහන් ව තිබුණේ ශිෂ්‍යයන් සාමකාමීව උද්ගෝෂණය සිදු කල බවයි.නමුත් ‍මේ වාර්තාවට පටහැණිව යමින් ඉහලින් එන අණට යටත් වූ උපකුල පති තුමා මහා ශිෂ්‍යය සංගමය තහනම් කිරීමට පියවර ගත්තේ ය.ඒ ගැන කල කිරුණු ජේෂ්ඨ විනයපාලකතුමා තම තනතුරෙන් ඉල්ලා අස්විය.විනය පාලක තුමනි පැහැදිලි හෘද සාක්ෂියක් ඇති එක් අයකු හෝ අප අතර සිටී ‍ම ගැන අප සතුටු වමු.

Thursday, December 22, 2011

මේ අවදිවිය යුතුව තිබුණ අයට අවදි වීමට කාලයයි.


සුවහසක් වූ ශ්‍රී ලාංකිකයිනි,
"අපි සරසවි සිසුවන් වෙමු" ඒ බව ඔබට කීවේ ආඩම්බරයකින් හෝ අභිමානයකින් නොව  පිටතට නොපෙන්වන හදවතේ සඟවාගත් වේදනාකාරී විලාපයක් සමඟින් බව ඔබට කීමට අපි ලැජ්ජාශීලී නොවෙමු.ඒ බොහෝ මාධ්‍ය වල ආවරණය වන පරිදි සරසවි ශිෂ්‍යයා වනාහී වත්මන් සමාජයට පිළලයකි යන මානයෙන් බැහැරව ගොස් සරසවි ශිෂ්‍යයා වනාහී සමාජයේම අවයවයක් බව  අප අදහන නිසාවෙන් බවද අපි ඔබට කියමු.
ඔබලාගේම ලෙයින් ජනිත වූ සරසවි සිසුන් වන අපට,ඔබට කීමට ඇති දෙය එලෙසින්ම සම්ප්‍රේෂනය කරගැනීමට වත්මන් මාධ්‍ය වලින් ලැබෙන්නා වූ දුර්වල ආවරණය හමුවේ මෙලෙසින් අප අදහස් ඔබ හමුවට ගෙන ඒමට තීරණය කළෙමු.

                    මේ අවදිවිය යුතුව තිබුණ අයට අවදි වීමට කාලයයි.

පුංචිකාලේ පුතේ ලොකු වෙලා කවුරු වෙන්නද හිතන් ඉන්නේ? කියල ඇහුවම අපි කිවුවා

ඉකිබිඳී සරසවි මවුන්...

රොබරෝසියා මල් සුවදින් නැහැවුන       දරුවෝ
මහවැලි නදී තෙර සිප දස්කම් කල          සුරුවෝ
මිනිසත් උරුමයට වෙසෙසින් පෙම් බැදි   විරුවෝ
සුන් කර දමන්නට සැරසේ රට කරනා      මරුවෝ


පෙර පින් බලෙන් ඇරි අප සරසවියේ         දොර
හකුලා මල ගෙයක් කරනට උන් දරන           වැර
දැකලා හඩ ගසන සිසු හට උන් දමන            සැර
දැන්වත් නිමා කරනට දෙවියනි යදිමි              වර

ලොකු ලොකු පවුල් වල ඈයන් හට           එන්න
දුප්පත් අහිංසක සිසු අපටම කෙළ            වෙන්න
යහමින් මුදල් ලැබෙමින් මඩි               පිරවෙන්න
ඇරියා පොළක් උපාධි ටික                 විකුණන්න

ලාබයි ගන්න කියමින් යදිනා                  ඇමති
ලැබුවෙත් නිදහසේ අධ්‍යාපන                  අයිති
දින දින වමාරති හිස් බස් ඌ                  හිතැති
ඇමතියා රෙදි අදිනවාදැයි අපටම             විමති

ඇයි දැයි පෙළන්නේ සිසුවෝ මේ        තරමින්
නිදහසේ අධ්‍යපනෙ ලබනා නිසාදෝයි යහමින්
කංනන්ගර පිළිරුවට මල් වාඩම්           තබමින්
ඇමතිය නටයි විගඩම් මඩුවක්          සතොසින්

බෙලිහුල් ඔයත් ඉකිබිදි දකිමින් සිසුවෝ සබරේ
කොලඹත් වසා සිර කොට ඇත විරුවෝ ජපුරේ
රජරට සීල් කොට රුහුණට වස බිදු       වැපිරේ
මේවට ඉඩක් නැත අප සිටිනා තුරු         පේරේ....