ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Thursday, December 22, 2011

ඉකිබිඳී සරසවි මවුන්...

රොබරෝසියා මල් සුවදින් නැහැවුන       දරුවෝ
මහවැලි නදී තෙර සිප දස්කම් කල          සුරුවෝ
මිනිසත් උරුමයට වෙසෙසින් පෙම් බැදි   විරුවෝ
සුන් කර දමන්නට සැරසේ රට කරනා      මරුවෝ


පෙර පින් බලෙන් ඇරි අප සරසවියේ         දොර
හකුලා මල ගෙයක් කරනට උන් දරන           වැර
දැකලා හඩ ගසන සිසු හට උන් දමන            සැර
දැන්වත් නිමා කරනට දෙවියනි යදිමි              වර

ලොකු ලොකු පවුල් වල ඈයන් හට           එන්න
දුප්පත් අහිංසක සිසු අපටම කෙළ            වෙන්න
යහමින් මුදල් ලැබෙමින් මඩි               පිරවෙන්න
ඇරියා පොළක් උපාධි ටික                 විකුණන්න

ලාබයි ගන්න කියමින් යදිනා                  ඇමති
ලැබුවෙත් නිදහසේ අධ්‍යාපන                  අයිති
දින දින වමාරති හිස් බස් ඌ                  හිතැති
ඇමතියා රෙදි අදිනවාදැයි අපටම             විමති

ඇයි දැයි පෙළන්නේ සිසුවෝ මේ        තරමින්
නිදහසේ අධ්‍යපනෙ ලබනා නිසාදෝයි යහමින්
කංනන්ගර පිළිරුවට මල් වාඩම්           තබමින්
ඇමතිය නටයි විගඩම් මඩුවක්          සතොසින්

බෙලිහුල් ඔයත් ඉකිබිදි දකිමින් සිසුවෝ සබරේ
කොලඹත් වසා සිර කොට ඇත විරුවෝ ජපුරේ
රජරට සීල් කොට රුහුණට වස බිදු       වැපිරේ
මේවට ඉඩක් නැත අප සිටිනා තුරු         පේරේ....

1 comment:

  1. http://www.facebook.com/photo.php?fbid=311258262239844&set=a.310932622272408.77849.310886185610385&type=1

    ReplyDelete