ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Saturday, December 24, 2011

වැරදුන නාඩගම

මම නාට්‍ය හා රංග කලාව හදාරා නැත, එහෙත් නාට්‍යක චරිතයට ගැලපෙන් රංගාභරණ තිබිය යුතුය, දෙබස් සැකසී තිබිය යුතුයි. පොඩ්ඩක් සිතන්න මනමේ නට්‍යයේ මනමෙ කුමාරයාට වැදි ඇඳුම් අන්ඳවා වැද්දාට රජ ඇඳුම් ඇන්ඳුවොත්. එහෙමත් නැත්නම් කුමරයාගෙ දෙබස් වැද්දා කිව්වා නම් වන විපතක මහත.
එහෙත් පසුගිය දෙසැම්බර් 21 වන දින පේරාදෙණිය ගලහ හන්දියේ පැවති විශ්ව විද්‍යාල සිසුන්ගේ මාපිය උද්ඝෝෂණ නාටකයේ අධ්‍යක්ෂකවරයාත් අංග රචක ශිල්පියාත් වෙශනිරුපන ශිල්පියත් රචකයත් පොට පාටලවා ගති. 

පැමින සිටියේ පේරාදෙණිය සිසුන්ගේ මාපියන් නම් ..........(ඔවුන් අත ඇති පුවරු දෙස බලන්න )"විශ්ව විද්‍යාලයට නොතේරුණ අපේ දරුවන් සල්ලි දීලාවත් ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි " යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කලේ ඇයි? මේ කවුරුන් කාවෙනුවෙන් පෙනී සිටීමක්ද . 
අනෙක් කරුන සල්ලි දීල පෞද්ගලික සරසවි කඩ වල ඉගෙන ගන්න මෙ අම්මලගේ දරුවන්ට පුලුවන් නම් (දිනකට රු 3600/= ක් විදම් කර )...........මේ අම්මලා සතු වත්කම ඔබට සිතාගත හැකිද? මසිකව වැඩ කරන දින 20 කට තම දරුවාගෙ උපාදියට පමනක් රු 72000/= ක් (3600 x 20 )එසේ නම් මේ අයගේ මාසික ආදයම කොපමන වේද? එහෙත් ඔවුන් පැලඳ සිටින ඇඳුම් ආයිත්තම් වලින් ඒ බව පෙනේද?. එක තමයි අපි කියන්නෙ මේ නාඩගමේ අංග රචකයත් වේශ නිරූපකයාත් පොට පටලවා ගත්තාය කියලා.
ඉතින් දයාබර ශ්‍රි ලාංකීකයිනී ජනමාද්‍ය නොපෙන්වන සත්‍ය කතාව ඔබට තවත් විස්තර කරනු කුමට..........
නැවත් ගලහ හො කොහේ හො මෙවැනි නාඩගම් පෙන්වන්නට මාන බලන ඇත්තනි මෙ රටෙ ජනතාව ගොනාට අඳන්න උත්සාහ ගන්නේ ඇයි......................
(මෙම විමසීම ඉහත ඡයාරුපට අදාල එවා පමනක් බව සලකන්න . මීට අමතර තවත් ගොම්පර්ට් ඔනතරම් මෙහි දක්නට විය එහෙත් එවායේ ඡායාරූප අපට ලබී නැතිනිසාවෙන් එවාගැන කතාව මතුවට කල් තබමු )

2 comments:

  1. උඩුනුවර අවට ඔබගේ නෑදෑ හිතවතුන් සිටීනම්, මෙම අත්භූත විරෝදතාවයට ඔවුන් සහභාගී වූ ආකාරය පිළිබඳ වැඩි දුර විස්තර අසා දැනගන්න. පැටවූ වාහනවලින් ගලහ හංදියට එන තෙක්ම ඇතමෙක් කුමන කාරණයකට මෙහි යනවාදැයි දැන සිට නැත.

    ReplyDelete