ඉතා නුදුරු දිනක සරසවි කෑළි කර විකිණෙනු ඇත. ඔබේ දරුවාගේ අනාගතය මොණර කොළවලට උකස් වනු ඇති. කන්නන්ගර උතුම් මැතිඳුන්ගෙන් සුජාත වූ ලාංකීය නිදහස් අධ්‍යාපනය වෙන්දේසි කරන වර්තමාන ඔලමොට්ටල මහත්වරු ටික උගුරට හොරා කරන කියන දේ ඔබට කියන්නට ඒ මහත්වරුගේම මාධ්‍යයන් යොදාගත නොහැකි බැවින් අපි කාබන් කොපිය අරඹමු..!

Saturday, December 31, 2011

අත්හිටවු පේරාදෙණිය සියලු ශිෂ්‍ය සංගම් යලි පිහිටුවයි............

පසුගිය දෙසැම්බර් මස 21 වන දින තහනම් කරන ලද පේරාදෙණිය වි.වි. මහා ශිෂ්‍ය සංගමය සහ සියලු පීඨ ශිෂ්‍ය සංගම් 2012 ජනවාරි මස 02 වන දින සිට යලි පිහිටුවීමට විශ්ව විද්‍යයාලීය පාලක සභාව තීරණය කර තීබේ.
පේරාදෙණිය වි.වි. අපකීර්තියට පත් කිරීම හා විශ්ව විද්‍යාල ප්‍රජාව අනාරක්ෂිත කිරීම යන චෝදනා මත පේරාදෙණිය වි.වි. මහාශිෂ්‍ය සංගමය හා සියලු පීඨ ශිෂය සංගම් තහනම් කරවීමට විශ්ව විද්‍යල පාලක සභාව තීරණය කරන ලදී. එහෙත් අසාධාරණ හා අභූත චෝදනා ප්‍රතික්ෂේප කරමින් අත්තනෝමතික ලෙස ශිෂ්‍ය සංගම් තහනමට එරෙහිව සිසුන් අඛණ්ඩ පංති වර්ජනයක යෙදුනහ. ශිෂ්‍ය විරෝධය හමුවේ දින 10 ක් ඇතුලත පාලනාධිකාරිය සිය අත්තනොමතික තීන්දුව හකුලාගැනීම 10,000 කට ආසන්න පේරාදෙණිය ශිෂ්‍ය ශක්තියේ හැකියාව රටටම අනාවරනය වීමකි. ඉහලින් කෙරෙන බලපෑම් හමුවේ ශිෂ්‍යයා මර්දනය කල නොහැකි බව රටකරවන ඇත්තන් දැන්වත් තේරුම් ගනිත්වා....
පේරාදෙණිය ශිෂ්‍ය සංගම් තහනමට පෙර ජ'පුර කැළණිය ඇතුලු තවත් සරසවි 5 ක මහා ශිෂ්‍ය සංගම් හා පීඨ ශිෂ්‍ය සංගම් 16 අත්තනෝමතික ලෙස තහනම්ට ලක් කර තිබුණි . එහෙත් පේරාදෙණිය ලැබු ජය ශිෂ්‍ය සංගම් වෙනුවෙන් සටන් කරන සොයුරන්ගේ සටනට සවියක්ම වේවා...........!
රාජ්‍ය නොවන වි.වි. පනතට එරෙහි පොදු සටනට මින් ජීවය ලැබෙවා........

No comments:

Post a Comment