පාර්ලිමේන්තුවට රැගෙන ඒමට නියමිත රජ්‍ය නොවන විශ්වවිද්‍යාල පණතට එරෙහිව
පෙරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ භුමියේ හා පෙරාදෙණිය ගලහ හන්දියේ
සවිකර තිබු දැවැන්ත විරෝධතා පුවරු අද (2012-01-03)දා අළුයම කිසියම් පිරිසක්
විසින් ගිනිතබා විනශ කර තිබේ.
ප්‍රහාරයට පෙර පුවරු දිස්වූ අයුරු..........
පෙරාදෙණිය සියලු ශිෂ්‍ය සංගම් වෙත පනවා තිබු
තහනම ශිෂ්‍ය බලය හමුවේ හකුලාගැනීමට සිදුවීම හා තම කූඨ උපායන් පරාජයට
පත්වීමෙන් සිත් තැවුලට හා ඉච්චාභංගත්වයට පත් මුග්දයන් පිරිසක් මෙම නින්දිත,
නිර්ලජ්ජිත හා භියගුලු ප්‍රහාරය පසුපස සිටින
බවට සිසුන් චෝදනා කර සිටී.
ප්‍රහාරයෙන් පුවරු විනාශ වී ඇති අයුරු..............
සාමකාමීව විරෝධතාව දැක්වීමට හා අදහස් දැක්වීමට සිසුන්ට ඇති අයිතිය මෙන්ම
අදහස් දැනගැනීමට මහජනතාවට ඇති අයිතියත් මැරයින් විසින් මෙමගින් අහෝසි කර
ඇතිබවටද සිසුන් චෝදනා කර සිටී.පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පණත
ඔවුන් පවසන ආකාරයට මෙතරම් විනිවිද නම් මෙවන් නිවට ප්‍රහාර එල්ලකරන්නේ
මන්දැයි සිසුන් විමසා සිටී.
No comments:
Post a Comment